Posts

Showing posts with the label hojo ujiyasu

Hojo Ujiyasu (හොජෝ උජියසු )

Image
Hojo Ujiyasu (1515-1571) හොජෝ උජියසු  හොජෝ උජියසු ඔදවරා හොජෝ වංශයේ 3වන ප්‍රධානියා විය. "සාගාමි සිංහයා" ලෙස හැඳින්වෙන ඔහු භයංකර රණශූරයෙකු හා කපටි මිනිසෙකු ලෙස ප්‍රසිද්ධියට පාත්‍ර විය. ඔහු  උපාය මාර්ග වලින් ෂින්ගෙන්   සහ කෙන්ෂින් පරාජය කිරීම  ප්‍රසිද්ධය.  1515දී උපත ලැබූ හොජෝ උජියසුගේ ළමා කාලයේ නම චිඔමරුය.ඔහු වයස අවු 15 වන විට සිය ප්‍රථම සටන (ඔසවහාරා සටන ) 1530 දී ඔගිගයත්සු උඑසුගි වංශයට එරෙහිව මුහුණ දුන්හ.   1541 දී ඔහුගේ පියාගේ අභාවයෙන් පසු, හොජෝ උජියසුගේ සතුරන් ගණනාවක් ප්‍රධාන හොජෝ බලකොටු අත්පත් කර ගැනීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට උත්සාහ කළහ. නිමක් නැති යුද්ධයකට මුහුණ දුන් උජියාසුට හොජෝ  පරිපාලනය ප්‍රතිසංවිධානය කිරීමට සිදුවිය. ඔහු මේ වන විටත් 1542 සහ 1543 අතර ආක්‍රමණශීලී  සමීක්ෂණ මාලාවක් ආරම්භ කර තිබූ අතර 1550 දී ඔහු ''කන්දක (ජා)'' බදු ක්‍රමය අහෝසි කළේය.   ඔදවරාහි  ඔහුගේ නිවහන වන ඔඩවරා බලකොටුව පිහිටා තිබූ අතර, ක්‍රමයෙන් වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වූයේ කලාපයේ මාර්ග වෙනස් කිරීමෙනි ...