Posts

Showing posts with the label maeda toshiie

maeda toshiie (මඑදා තොෂිඉඑ)

Image
MAEDA Toshiie (前田利家) මඑදා තොෂිඉඑ   (1537- 1599)   මඑදා තොෂිඉඑ  1537 දී උපත ලැබූ බවට  මතයක් තිබේ. ඔහුගේ ළමා කාලයේ නම ඉනුචියෝ ය. ඔහුගේ පියා ඕවරි පළාතේ අරකෝ-ජෝ බලකොටුවේ හි අධිපතියා වූ තෝෂිහාරු මඑදා වන අතර ඔහුගේ මව චොරයින් ය. ඔහුට පළමු කගා හන්ෂු තොශිනගා මඑදා, දෙවන හන්ෂු තොෂිත්සුනේ  මඑදා ඇතුළු දරුවන් සිටියහ. ඔහු තොයෝතොමි  රජයේ ගොතඉරෝ  (වැඩිහිටියන් පස් දෙනෙකුගේ කවුන්සිලයේ) සාමාජිකයෙකි. ..කෙටි පෞද්ගලික ඉතිහාසය..    මඑදා තොෂිඉඑ   උපත ලැබුවේ ඕවරි පළාතේ කයිතෝ ප්‍රාන්තයේ  අරකෝ-ජෝ බලකොටුවෙහි  අධිපතියා වූ තෝෂිමාසා (තෝෂිහාරුගේ තවත් නමකි) මඑදා ගේ සිව්වන පුත්‍රයා ලෙස ය. මුලදී ඔහු  ඔදානොබුනාගාට    සේවය කළේය.  මඑදා තොෂිඉඑගේ   යෞවන කාලයේදී ඔහු නොබුනාගා පසුපසින් අකාහෝරෝ-ෂු (පිටුපස රතු තොප්පියක් සහිත ප්‍රභූ බොඩිගාඩ් ඒකකය) ලෙස යුද්ධයට සහභාගී වූ අතර ඔහු යාරි (හෙල්ලයක්) පිළිබඳ විශේෂයෙකු වූ නිසා මිනිසුන් අතර ඔහු  "යරි නෝ මාතසා" ලෙස ප්‍රසිද්ද විය. ඉන්පසු ඔහු ශිබතා කත්සුඉ...