Posts

Showing posts with the label the battle of komaki and nagakute

The battle of komaki and nagakute (කොමකි සහ නගකුතේ සටන)

Image
  The battle of komaki and nagakute  කොමකි සහ නගකුතේ සටන    කොමකි හා නගකුතේ සටන 1584 දී හෂිබා හිදෙයෝශිගේ කණ්ඩායම සහ ඔදා නොබුකත්සුගේ කණ්ඩායම් අතර සටන් මාලාවකි. හිදෙයොෂි හා ඉයාසු යන දෙදෙනාම ඔදා නොබුනගට සේවය කර ඇති අතර මිට පෙර ගැටුම් කරගෙන නැත.ඇත්ත වශයෙන්ම මෙය ඔවුන්ගේ එකම සතුරු කාලය වනු ඇත.ඉතිහාසයේ මෙම කථාංගය විශාලතම හා වැදගත් සටන් දෙකක් ලෙස හැදින්වේ.කොමකි හා නගකුතේ සටන් භුමිය 1939 දී ජපන් ජාතික ඉතිහාසික ස්ථානයක් ලෙස නම් කරන ලදී.    පසුබිම...    1583 දී ශිසුගතකේ සටනේදී හිදෙයොෂි ඔදා නොබුනගාගේ දෙවන පුත් ඔදා නොබුකත්සුට සහය දුන් අතර,නොබුනගාගේ තුන්වන පුත් ඔදා නොබුතකාට සහය දුන් ශිබතා කත්සුඉඑ පරාජය කළේය.සටන ජය ගැනීමෙන් පසු නොබුකත්සුට හා අනෙකුත් ජෙනරාල්වරුන්ට තම ඔසාකා බලකොටුවට ආරාධනා කළේය.එවැනි ආරාධනයකින් තේරුම් වුයේ සියලුමදෙනා හිදෙයෝශිට  වැදුම්පිදුම් කිරීමයි.එමගින් හිදෙයොෂි හා නොබුකත්සු අතර ඇති භූමිකාව වෙනස් කල හැකිය.එබැවින් නොබුකත්සු හිදෙයොෂි සමග ඇති බැදීම් බිදදැමූ අතර ඔසාක බලකොටුවට නොගියේය. හිදෙයෝශි  නොබුකත්සුගේ ප්‍රදාන ජෙනරාල්වරු තිද...