The battle of komaki and nagakute (කොමකි සහ නගකුතේ සටන)

 The battle of komaki and nagakute 

කොමකි සහ නගකුතේ සටන 




  කොමකි හා නගකුතේ සටන 1584 දී හෂිබා හිදෙයෝශිගේ කණ්ඩායම සහ ඔදා නොබුකත්සුගේ කණ්ඩායම් අතර සටන් මාලාවකි.හිදෙයොෂි හා ඉයාසු යන දෙදෙනාම ඔදා නොබුනගට සේවය කර ඇති අතර මිට පෙර ගැටුම් කරගෙන නැත.ඇත්ත වශයෙන්ම මෙය ඔවුන්ගේ එකම සතුරු කාලය වනු ඇත.ඉතිහාසයේ මෙම කථාංගය විශාලතම හා වැදගත් සටන් දෙකක් ලෙස හැදින්වේ.කොමකි හා නගකුතේ සටන් භුමිය 1939 දී ජපන් ජාතික ඉතිහාසික ස්ථානයක් ලෙස නම් කරන ලදී.


   පසුබිම...


   1583 දී ශිසුගතකේ සටනේදී හිදෙයොෂි ඔදා නොබුනගාගේ දෙවන පුත් ඔදා නොබුකත්සුට සහය දුන් අතර,නොබුනගාගේ තුන්වන පුත් ඔදා නොබුතකාට සහය දුන් ශිබතා කත්සුඉඑ පරාජය කළේය.සටන ජය ගැනීමෙන් පසු නොබුකත්සුට හා අනෙකුත් ජෙනරාල්වරුන්ට තම ඔසාකා බලකොටුවට ආරාධනා කළේය.එවැනි ආරාධනයකින් තේරුම් වුයේ සියලුමදෙනා හිදෙයෝශිට වැදුම්පිදුම් කිරීමයි.එමගින් හිදෙයොෂි හා නොබුකත්සු අතර ඇති භූමිකාව වෙනස් කල හැකිය.එබැවින් නොබුකත්සු හිදෙයොෂි සමග ඇති බැදීම් බිදදැමූ අතර ඔසාක බලකොටුවට නොගියේය.හිදෙයෝශි නොබුකත්සුගේ ප්‍රදාන ජෙනරාල්වරු තිදෙනෙක්ට (සුගවා යෝශිෆුයු,ඔකදා ශිගේතකා,ආසයි නගාතොකි) සහය දුන් අතර,එමගින් ඔවුන් හිදෙයෝශිට සහය දෙන බවට කටකතා පැතිර ගියේය.මේ නිසා නොබුකත්සුට ඔවුන් තිදෙනාගැන සැක පහල විය.තුන්වන මාසයේදී මෙම තිදෙනාව ඝාතනය කරන ලෙසට නියෝග කරන කළේය.මෙම ක්‍රියාව හිදෙයොෂි නොබුකත්සුට පහර දීමට සාධාරණික කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නොබුකත්සු ඉයසුගෙන් සහය ඉල්ලා සිටියේය.ඉයසු තම හමුදාව යුද්ධයට පිටත් කර හරින විට එය ඉයසු හා හිදෙයෝශි අතර සටනක් බවට පත්විය.


සටන සිදුවීම...


   මෙම සටන් වලින් පළමු වැන්න කොමාකි කන්ද වටා සටන් කොට ''කොමාකි සටන'' යන නාමය ඇති කළේය.ඉතිරි සටන් නගකුතේ අවට සිදුවූ බැවින් ''නගකුතේ සටන'' ලෙස නම් විය.


හගුරෝ සටන...

   

   තුන්වන මාසයේ 13වන දින ඉයාසු කියෝසු බලකොටුවට පැමිණියේය.එදිනම ඉකෙදා සුනේඔකිගේ නායකත්වයෙන් යුත් ඔදා වංශයේ සොල්දාදුවන් හිදෙයෝශිගේ පැත්තට මාරු වී ඔදා නොබුනගා විසින් ඉදිකරන ලද ඉනුයමා බලකොටුව අත්පත් කර ගත්හ.මෙම පුවත අසු ඉයාසු කලබල වී දින දෙකකට පසු ඉනුයමා බලකොටුව වෙත ගියේය.

  

  ඒ අතරම,මොරි නගයෝෂි (නොබුනගා සමග හොන්නෝ-ජි සිදුවීමෙන් මියගිය මොරි රන්මරුගේ සහෝදරයා ) කියෝසු බලකොටුව අල්ලා ගැනීම සදහා ඔහුගේ උත්සාහය ආරම්භ කළේය.මොරිගේ සෙබලුන් ලග දරුණු තුවක්කු තිබුනද,සකායි තදත්සුගු මොරි හමුදාවේ පසුපසට පහර දීමට සමත් විය.තුවාලකරුවන් 300 පමණ සිටි මොරි නයෝෂි පල ගියේය.


   තුන්වන මාසයේ 16වන දිනදී ඉනුයමා බලකොටුවට සහය දැක්වීමට හගුරෝ වෙත හමුදාව කැදවනු ලැබුවේය.ඉයසු මේ වන විට මෙම සැලැස්ම ගැන දැනගෙන සිටි අතර සකායි තදත්සුගු සහා  සකකිබරා යසුමසා එදිනම හවස භටයන් 5000ක් රැගෙන හගුරෝ වෙත ගියේය.පසුදින පාන්දර තදගුත්සුගේ හමුදාව නගයෝෂි වෙත හදිසි ප්‍රහාරයක් එල්ල කල අතර,ප්‍රහාරයෙන් නගයෝශිගේ හමුදා පලාගියේය.3වන මාසයේ 18 වන දින ඉයාසු ඉනුයමා බලකොටුව අත්පත් කරගත්තේය.


මිකවා මෙහෙයුම....


හිදෙයොෂි හා ඔහුගේ භටයන් 3වන මාසයේ 21 වන දින ඔසාකා වෙතින් පිටත් වී 27 වන දින ඉනුයමා වෙතද,4වන මාසයේ 5වන දින ගකුදෙන් (වර්තමාන ඉනුයමා ) වෙතද පැමිණියේය.


  ඉයාසු කොමාකි බලකොටුවට ඇතුල් වී ගකුදෙන් වෙත පැමිණෙන අතර,සටනින් ඇත්ව  සිටියේය.මෙම නිසා හිදෙයොෂි උදසිනත්වයට පත්විය.මොරි නගයෝෂි,කෙදා    සුනේඔකි,හොරි හිදෙමසා සහ හිදෙත්සුගු යන අයගේ සහය ඇතිව මිකවා බලා පිටත්ව යාමට හිදෙයොෂි තීරණය කළේය.


ඉවසකි සටන....


ඉවසකි සටන කෙදා සුනේඔකි හමුදාව හා නිවා උජිත්සුගුගේ නායකත්වයෙන් යුත් ඉවසකි බලකොටුව අතර සටනක් විය.එය සමස්ථ කොමකි හා නකකුතේ සටනේ කොටසක් පමණක් වුවද,එය පතිඵලයක් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.


 ඉග පළාතේ ගොවින් විසින් සපයන ලද තොරතුරු මගින් 4වන මාසයේ 7වන දින ඉයාසු ශිනොගි (නුතන කසුගයි )හි හිදෙගුත්සුගේ කදවුර ගැන දැන ගත්තේය.ඉයසු පසුදා ඔබතා බලකොටුව (මොරියමා-කු,නගෝයා )වෙත ඇතුලු වී සවස් වරුවේ කදවුරු බැදීමට තෝරා ගත්තේය.


   ඉවසකි බලකොටුව වෙත ප්‍රහාරය මෙහෙයවූ ඉකෙදා සුනේඔකි අශ්වයා වෙතින් වැටි ඇත.වැටීම ගැන ලැජ්ජාවට පත් සුනේඔකි,පහර දීමේ උපක්‍රම අමතක කර මාලිගාවට පුර්ණ ප්‍රහාරයක් ආරම්භ කළේය.ආරක්ෂකයන් හොදින් සටන් කලද,මාලිගාව කඩා වැටුණි.මියගිය ය අතර උජිත්සුගේ සොහොයුරු නිවා උජිශිගේ ද ඇතුලුව 300ක් මියගිය අතර බොහෝ දෙනෙක් තුවාල ලැබුහ.


හකුසන්මොරි සටන...


  ඉකෙදා සුනේඔකි ඉවසකි බලකොටුව වෙත පහර දෙන අවස්ථාවේ හිදෙගුත්සු හිදෙමසා සහ නගයෝෂි ඔවුන්ගේ හමුදා විවේක ගැනීම සදහා හකුසන්මොරි (නුතන ඕවරියස,නගකුතේ) වෙත ගිය නමුත් තොකුගාවා ඉයාසු ඔවුන්ට ලංවෙමින් සිටිහ.පසුව හිදෙගුත්සු හමුදා සහ සුගා යසුතකා සහ සකිබරා යසුමසා විසින් පහර දුන්හ.තොකුගවගේ ප්‍රහාරයෙන් හිදෙගුත්සුගේ හමුදා බොහෝ සෙයින් විනාශ විය.හිදෙගුත්සුට පල යාමට හැකි විය.කිනොශිතා පවුලේ බොහෝ සාමාජිකයන් (හිදෙයෝශිගේ බිරිද වන නෙනේගේ පියා වන සුකෙහිසා ද ඇතුලුව) මිය ගියේ මෙම සටනේදීය.


  හකුසන්මොරි සටනේදී සිදුවූ අලාභය පිලිබඳ පුවත දහවල් වන විට අසා හිදෙයොෂි භටයන් 20,000 ක් යුධ භුමිය අසල රියුසේන්ජි(නගෝයා)වෙත ගියහ.එදින සවස් වරුවේ,ඉයාසු ඔබතා බලකොටුවේ සිටින බව දැනගත් විට,පසුදා උදැසන එයට පහර දීමට ඔවුන් තීරණය කළහ.එම කාලය තුල ඉයාසු ඔබතා බලකොටුව අතහැර කොමාකි බලකොටුව වෙත ගොස් අවසානයේ කියෝසු බලකොටුවට ගොස් ඇත.


හිනොකිගනේ සටන...


   හකුසන්මොරි සටනින් පසු,තොකුගාවා කොමාකි බලකොටුව ශක්තිමත් කළේය.මේ අනුව හිදෙයෝශිගේ ප්‍රධාන අණ දෙන නිලධාරියෙකු වන කෙදා සුනේඔකි අසල්වැසි මිකවා පළාත හරහා 20.000 ක හමුදාවක් සමග වැටලීම ආරම්භ කිරීමට තීරණය කළේය.ඉයසු මෙම ප්‍රහාරය අපේක්ෂා කල අතර තොකුගාවා හමුදා හිදෙයෝශිගේ හමුදාවට පහර දීමට මග පැදිය.


 තොකුගාවා ඉයාසුගේ පිටිපස ආරක්ෂකයා වන මිසුනෝ තදශිගේ විසින් ඉකෙදා සුනේඔකිගේ හමුදාවට පහර දුන් අතර සටනේ ගොශාව හිදෙයෝශිගේ එක් අංශයක ප්‍රධානි හොරි හිදෙමසාට අනතුරු ඇගවීය.හොරි හිදෙමසා තම සගයන්ට සහය දීමට තම හමුදාව සමග නගකුටේ ගම්මානයට ගියේය.තොකුගාවාගේ ආරම්භක ප්‍රහාරය වලක්වා ගත් නමුත් තොකුගාවා ප්‍රධාන හමුදාව පැමිණීමත් සමග ඉවත් වීමට සිදුවිය.එහි සෙබලුන් 9,000 ක් පමණ විය.


නගකුතේ සටන...


හිදෙයෝශිගේ අණ දෙන නිලදාරියෙකු වන මොරි නගයෝශි,තොකුගාවා ඉයාසු අයි නොමසාට සහය දැක්වීමට පැමිණෙන තෙක් බලා සිටියේය.කෙසේවෙතත් තොකුගාවා හමුදාව වේගයෙන් ඉදිරියට ගමන්කළ අතර,මොරි නගයෝශිට අශ්වයා පිට වෙඩි තබා කෙදාගේ බලය හැල්ලුවට ලක් කළේය.කෙදා භාමුදා පරාජය කරමින් 30,00 ක පමණ භට පිරිසකට අණදෙන අයි නොමසා ඉකෙදාගේ හිස ඉක්මනින් ගනු ලැබූ අතර,හිදෙයෝශි ශක්තිමත් කිරීම සදහා පැමිණියද,ඉයාසු සටනින් ඉවත් වීමට තීරණය කර කොමකි වෙත ගියේය.

සටන් මාලාව මෙතනින් අවසන් විය.


Comments

Popular posts from this blog

toyotomi hideyoshi (තොයෝතොමි හිදෙයොෂි)

fuwa mitsuharu (ෆුවා මිත්සුහරු)

The battle of nagashino (නගශිනෝ සටන )