niwa nagahide (නීවා නාගාහිදෙ)



  niwa nagahide (丹羽 長秀)

නීවා නාගාහිදෙ (1535-1585)




   නීවා නාගාහිදෙ 1535 දී ඕවරි පළාතේ අයිචි හි (නූතන නාගෝයා නගරයේ නිෂි-කු) උපත ලැබීය. ඔහු ඔදා නොබුනගාට සේවය කළේය.


නගාහිදෙ   ඔදා නොබුනගාගේ කාලයේ පැවති බොහෝ ප්‍රධාන සටන් වලට සහභාගී විය. නාගකුතෙ සටන හැරුණු විට (1584) අසනීපයක් හේතුවෙන් ඔහු සටනින් වැළකී සිටියේය.


නගාහිදෙට ඔදා නොබුනගා විසින් හොඳින් සලකනු ලැබීය. ඔහු විවාහ වී සිටියේ ඔදා නොබුනගාගේ දරුකමට හදාගත් දියණිය සමඟ වන අතර ඔහුගේ පුත් නාගෂිගේ විසින් ඔදා නොබුනගාගේ සිව්වන දියණිය සමඟ විවාහ විය. එනිසා ඔහුට වාකාසා පළාත (දැන් දකුණු ෆුකුයි ප්‍රාන්තය) සහ ඕමි (ෂීගා ප්‍රාන්තය) හි සවාමා බලකොටුව (මාලිගාව) ලබා දෙන ලදී. නොබුනාගා ඔහුගේ නායකත්ව හැකියාවන් හඳුනාගෙන ඇති අතර අසූචි බලකොටුව ඉදිකිරීම ඔහුට භාර දී ඇත.


තවත් ගෞරවයක් ලෙස, 1581 දී ඔදා නොබුනගා විසින් මෙහෙයවන ලද උමාසෝරෝ (හමුදා පෙළපාලියකට) නායකත්වය දීමට නීවා නාගහිදේ තෝරා ගනු ලැබුවේ නොබුනගගේ  අධිරාජ්‍ය බලය පෙන්වීම සහ,විදේශ මිෂනාරිවරුන් සහ කියෝතෝ වැසියන්ට පොදු විනෝදාස්වාදයක් වශයෙනි.


1582 දී නගහිදෙ , ඔදා නොබුතකා සමඟ ඔදා නොබුනගාගේ නියෝගය පරිදි ෂිකෝකුව මැඩපැවැත්වීම සඳහා දෙවන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. කෙසේ වෙතත්, සටන  ආරම්භ කිරීමෙන් පසුව, හොන්නො-ජි සිද්ධියේදී අකෙචි මිත්සුහිදෙ විසින් නොබුනාගාව ඝාතනය කරන ලදී. නගහිදෙ ඉක්මනින් තම සටන  අතහැර දමා තොයෝතොමි හිදෙයෝෂිගේ හමුදාවට එක් වී  අකෙචි මිත්සුහිදෙට එරෙහිව සටනට එක්විය. ඉන්පසු ඔදා වංශයේ අනාගතය තීරණය කිරීම සඳහා කියෝසු මාලිගාවේ හි පැවති රැස්වීමකදී (කියොසු කයිගි හිදී) නගහිදෙ හිදෙයෝෂිට තවදුරටත් සහාය දැක්වීය.


පසුව ඔහු හිදෙයෝෂිගේ අණ යටතේ ෂිසුගාතකේහිදී  ෂිබතා කත්සුඉඑට එරෙහිව සටන් කළ අතර ඔහුට කොකු 1,230,000 ක මුදලක් ලබා දුන් එචිසන් සහ කගා පළාත් (ෆුකුයි සහ ඉෂිකාවා ප්‍රාන්ත) ප්‍රදානය කරන ලදී.




අවාසනාවකට මෙන්, 1585 මැයි 15 වන දින නීවා නගහිදෙ මිය ගියේය. සමහර වාර්තාවලට අනුව ඔහු අසනීපයෙන් මිය ගියේය. වෙනත් වාර්තා කියා සිටින්නේ ඔහු නොදැනුවත්වම හිදෙයොෂි  ඔදා වංශ බලය කොල්ලකෑමේදී ප්‍රධාන කොටසක්කරුවෙකු  බවට පත් වූ  වරදින් ඔහු සේප්පුකු (තමා විසින් උදරය කපාගෙන මිය යාම) කළ බවය.

                                          



Comments

Popular posts from this blog

toyotomi hideyoshi (තොයෝතොමි හිදෙයොෂි)

fuwa mitsuharu (ෆුවා මිත්සුහරු)

The battle of nagashino (නගශිනෝ සටන )