shibata katsuie (ෂිබතා කත්සුඉඑ)

SHIBATA Katsuie (柴田勝家)

ෂිබතා කත්සුඉඑ(1522-June 14, 1583)



කත්සුඉඑ  ෂිබතා  යනු බුෂෝ (ජපාන හමුදා අණ දෙන නිලධාරියා) සහ දයිමියෝ (ජපන් වැඩවසම් ස්වාමියා) ය.ජපානයේ සෙන්ගෝකු යුගයේ සිට (ජපානයේ) අසුචි-මෝමෝයමා යුගය දක්වා ජීවත්විය .

 ඔදා නොබුහිදෙට සේවය කරන කාලය.


හු 1522 දී ඕවරි පළාතේ අයිචි ප්‍රාන්තයේ කමියාෂිරෝ ගම්මානයේ (වර්තමාන මිතො ) උපත ලැබීය (වෙනත් න්‍යායන් ද ඇත). සමහරු පවසන්නේ ඔහු උපන් වර්ෂය 1526 හෝ 1527 වන අතර එය පැහැදිලි නැත. ඔහුගේ උපන් ස්ථානය සහ පියාගේ නම නොදනී. ඔහු බොහෝ විට ප්‍රාදේශීය පාලක පවුලක අයෙකු විය හැකි යැයි විශ්වාස කෙරේ. ඔහු තරුණ වියේ සිටම ඕවරි පළාතේ නොබුහිදෙට  සේවය කළ බව කියනු ලැබේ. ඔහුගේ ස්ථාවරය නොදන්නා නමුත් නොබුනාගාගේ අනුප්‍රාප්තික අවධියේදී ඔහු ඔදා පවුලේ වැදගත් චරිතයක් විය. 1551 දී නොබුහිදෙ  මියගිය පසු   ඔදා නොබුයුකිට  ප්‍රධාන ආරක්ෂකයෙකු  ලෙස සේවය කළේය.

ඔදා නොබුකත්සූට සේවය කරන කාලය..

 1552 දී ඕවරි ෂිමෝ යොන්ගුන් සහ කියෝසු-ජෝ පාලනය කළ ෂුගෝඩායිට එරෙහි සටනේදී ඔහු ප්‍රදාන සතුරා  වූ ජින්සුකේ සකායි මරා දැමීය. ඊළඟ වසරේදී කියෝසු-ජෝ කාසල් වෙත එල්ල වූ ප්‍රහාරයේදී ඔහු ජෙනරාල්වරයකු ලෙස සටනට ගොස් සතුරන්  30 දෙනෙකු ඝතනය  කළේය (කයාසු සටන)
   
    ෂිබතා කත්සුඉඑ හා හයෂි හිදෙසදා විසින් ඔදා නොබුකත්සුගේ වැඩිමල් සොයුරා වන ඔදා නොබුනගට එරෙහිව කුමන්ත්‍රණ කරන ලදී.කෙසේ වෙතත්, නොබුනාගාට එරෙහි සටනේදී ඔහු පරාජයට පත් විය

..ඔදා නොබුනාගට සේවය කරන කාලය.. 

    නොබුකත්සු  මියගිය පසු, ඔහු කළ වරදට ඔහුට සමාව ලැබුණු අතර ඔහු නොබුනාගාගේ සේවකයෙකු බවට පත්විය. කෙසේ වෙතත්, සමහර විට ඔහු නොබුකත්සු සමඟ එක් වී නොබුනාගාට එරෙහිව නැගී සිටි නිසා, ඔහු නොබුනාගාගේ ඕවරි ප්‍රදේශය එක්සත් කිරීමේ යුද්ධයේදී හෝ මිනෝ සයිතො වංශයට එරෙහි ප්‍රහාරයට යොදා නොගත්තේය. අගනුවරට(capital) යාමේ මෙහෙයුමේදී ඔහුට නැවතත් වැදගත් තනතුරු ලබා දෙන ලදී, පසුව ඔහු සෑම විටම කයිනායි (කියෝතෝ සහ නාරා අවට පළාත්) මර්දන යුද්ධයට සහ අනෙකුත් යුද්ධවලට (ෂෝරියුජි-ජෝ  සටන සහ වෙනත්) සහභාගී විය. ඔදා හමුදාවේ පෙරමුණ ගත් ඔහු නොබුනාගාගේ  ජේෂ්ඨ  නිලදාරියෙක් ලෙස කැපී පෙනුණි. ඔහු නැවත නොබුනාගා සමඟ ගිෆු වෙත ගිය නමුත් 1569 ජනවාරියේදී ඔහු නැවත  නොබුනාගා සමඟ අගනුවරට(capital) ගියේ හොන්කොකු-ජි පන්සලේ ෂෝගන් යොෂියාකි අෂිකාගාට එරෙහිව මයෝෂි සන්නින්ෂු (මයෝෂි වංශයේ ප්‍රධානින් තිදෙනා) විසින් පහර දුන් අවස්ථාවේදී ය. (හොන්කොකු-ජි කුමන්ත්‍රණය), ෂිබතා කත්සුඉඑ අප්‍රියල්  අග වන තෙක් ප්‍රදාන  නිලධාරීන් පස් දෙනාගෙන් එක් අයෙකු ලෙස කියෝතෝ සහ කිනයි පරිපාලනය භාරව සිටියේය.

1570 පෙබරවාරියේදී  නොබුනාගා විසින් ෂෝෂන්ගේ බලය පවරා ගැනීම සඳහා ජොෂෝ ( ලේඛනය) පිළිගැනීමට යොෂියාකි පත් කළ අතර, අපේ‍්‍රල් මාසයේ දී අධිරාජ්‍ය අධිකරණය ෂිබතා කත්සුඉඑ ටෙන්කා සීහිට්සු කෙන් (අධිරාජ්‍යයාගේ නියෝගය යටතේ සමාජය පාලනය කිරීමේ අයිතිය) ලබා දුන්නේය. ජුනි මාසයේදී යොෂිටාකා රොක්කකු නැවතත් බිවා  දකුණු වෙරළට පැමිණ ගිෆු වෙත යන මාර්ගය වසා දැමීය. එබැවින් ෂිබතා කත්සුඉඑ දකුණු වෙරළ තීරය සුරක්ෂිත කිරීම සඳහා මාලිගාව භාරව සිටි බුෂෝ හතරෙන් එකක් ලෙස චොකොජි-ජෝ මාලිගාවට  යොදවනු ලැබීය. සටන ජූලි මාසයේ ආරම්භ වූ අතර ෂිබතා කත්සුඉඑ  සහ නොබුමෝරි සකුමා ඔවුන් සමඟ සටන් කළහ.

1571 දී ෂිබතා කත්සුඉඑ නාගෂිමා හි පළමු වටලෑමට සහභාගී වූ නමුත් යුද්ධයේදී ඇති වූ  අහිතකර තත්ත්වය හේතුවෙන් ෂිබතා කත්සුඉඑ  පහර දීම අතහැර දමා ගියේය. ෂිබතා කත්සුඉඑ  ෂින්ගාරි (හමුදා භටයින්ගේ පසුපස කොටස) වූ නමුත් දුෂ්කර කාලයක් හා තුවාල ලබා ඇති අතර හටාසාෂි-මොනෝ (යුධ කොඩි) රැගෙන ගියේය. 

1573 මාර්තු මාසයේදී නොබුනාගා සහ ෂෝගන් යොෂියාකි එකිනෙකාට විරුද්ධ වූ අතර සොල්දාදුවන් ඉෂියාමා සහ ඉමාකතතා හි බලකොටු අල්ලා ගත් විට, කත්සුඉඑ ඇතුළු බුෂෝ(කණ්ඩායම්) හතරක් ඔවුන්ට පහර දී පරාජය කළහ. මැයි මාසයේදී නොබුනාගා පෙරමුණට පිටත්ව යන විට, කත්සුඉඑ නොබුනාගා විරුද්ධ වූ කමිගියෝ දිස්ත්‍රික්කය  ගිනිබත් කරන ලදී. කෙසේ වෙතත්, යොෂියාකි මාකිෂිමා-ජෝබලකොටුව බාධක පැනවූ නමුත් කත්සුඑයි ඇතුළු සොල්දාදුවන් 70,000 ක් සටන් කළ සමස්ත සටනේදී යටත් වීමට යොෂියාකිට සිදුවිය. වැඩි කල් යන්නට මත්තෙන්, යොෂියාකි නෙරපා හරින ලද අතර මුරෝමාචි බකුෆු (ෂෝගන් නායකත්වයෙන් යුත් ජපාන වැඩවසම් රජය) බිඳ වැටුනි. මෝරි ගෝත්‍රයෙන් ආරක්ෂා වූ යොෂියාකි නොබුනාගා විරෝධී ජාලයක් ගොඩනඟන විට, කත්සුඉඑ ඔදා හමුදාවේ ප්‍රබල හමුදා අණ දෙන නිලධාරියෙකු ලෙස ඔමි පළාත සහ සෙට්සු පළාත ඇතුළු විවිධ ස්ථානවල සටන් කළේය.


  ඔක්තෝම්බර් මාසයේදී එචිසෙන් හි යොෂිකගේ අසකුරාට එරෙහි ප්‍රහාරයේදී නොබුනාගා හමුදාවේ සියලුම සොල්දාදුවන් බලමුලු ගන්වමින් යෝශිකා අසකුරාව  විනාශ කරන ලදී. ෂිබතා කත්සුඉඑ කිතොමි ප්‍රදේශයේ  නගමාසාට එරෙහි ප්‍රහාරයට ද සහභාගී විය.

 1574 දී ෂිබතා කත්සුඉඑ  නාගෂිමා හි තුන්වන වටලෑමට සහභාගී විය. ඔහු දක්ෂිණ කණ්ඩායම් තුනට අණ දුන්නේ නොබුමෝරි සකුමා සමඟ ය. ඔහු බලකොටුව අල්ලාගෙන සතුරා ආපසු බලකොටුවට තල්ලු කළ අතර, මාර්තු මාසය වන තෙක්  ඔවුන්ව සාගින්නෙන් තබන ලදී. ඉන් අනතුරුව සතුරන් යටත් වූ පසු සතුරන් සියලු දෙනා වෙඩිතබා ඝාතනය කරන අතර ඉතිරිවී සිටින 20000ක් වූ සාමාන්‍ය ජනතාව පුළුස්සා ඝාතනය කරන ලදී.

ඔහු 1575 දී නාගෂිනෝ සටනට ද සහභාගී විය.

අසකුරා වංශයේ විනාශයෙන් පසු, නොබුනාගා, අසකුරා හි පැරණි රැඳවියෙකු (old retainer) වූ යොෂිට්සුගු මඑබා, ෂුගෝ (පළාත් හමුදා ආණ්ඩුකාරයා) ලෙස පත් කළේය. අසාකුරා හි හිටපු රැඳවියෙකු (old retainer) වූ නාගෂිගේ ටොමිටා, ඉකෝ ඉකි (ඉක්කෝ කැරැල්ල) අභ්‍යන්තර ආරවුලට ගෙනැවිත් මඑබා ඝාතනය  කළ නමුත් කැරැලි බලකාය ටොමිටා ද මරා දමා එචිසන් පළාතේ පාලනය සියතට ගත්තේය. නොබුනාගා තම හමුදාව සටනට ගෙන ගොස් ඉකෝ ඉකි යටත් කර ගත්තේය. කත්සුඉඑ කොචි 490 දහසක් (බෝග අස්වැන්න) සහ ෆුකුයි-ජෝ කාසල් (වර්තමාන ෆුකුයි නගරයේ) සමඟ එචිසන් පළාතේ ප්‍රාන්ත අටක් ලබා දෙන ලදී. මෙම අවස්ථාවෙහිදී, ඔහු වෙනුවෙන් මඑදා තොෂිඉඑ, නරිමාසා සාසා සහ ෆුවා මිත්සුහරු  වැනි යොරිකි (පොලිස් සැරයන්වරුන්) ලබා දුන් අතර, වසර 90 ක් තිස්සේ ඉකි සන්තකයේ තිබූ කගා පළාත යටත් කර ගැනීමේ වගකීම ඔහුට පැවරිණි.


1577 දී එචිගෝ පළාතේ කෙන්ෂින් යූසුගි විසින්  කගා පළාත ආක්‍රමණය කළේය. කත්සුඉඑ  නානාවෝ -ජෝ බලකොටුව  බේරා ගැනීමට ගිය නමුත් ඔහු එය නිසි වේලාවට නොපැමිණි අතර මාලිගාවේ බලය  කඩා වැටුණු අතර, පසුබසින  අතරතුර තොතොරි -ගාවා (ගඟ) අසලදී කෙන්ෂින් යූසුගි විසින් ඔහුට පහර දෙන ලදී.

කෙසේ වෙතත්, 1578 දී කෙන්ෂින් මිය යන විට, ඔදා නොබුතදා  හමුදාවේ අණ දෙන නිලධාරියෙකු වූ ෂින්ගෝරෝ සයිතො, උසුගි හමුදාව එචු මැදින් පලවා හැරියේය. 1580 මාර්තු මාසයේදී, නොබුනාගා සහ හොන්ගන්-ජි පන්සල සාමය ඇති කළ වහාම, හොකුරිකු ප්‍රදේශය ක්‍රියාකාරී වූ අතර, කත්සුඉඑ ඉකෝ ඉකි හි පාලක කුළුණ වන කනාසාවා මිඩෝ (ශාලාවට) පහර දී විනාශ කර, ඔහුගේ හමුදාව දේශ සීමාව දක්වා ගෙන ගියේය.1580 දෙසැම්බරයේදී ඔහු කගාහි ඉක්කෝ ඉක්කි පාලනය කර ගෙන, පසුව නොතො පළාත සහ එචු පළාතට කඩා වැදුණේය.


 ඊළඟ වර්ෂයේ 1581 දී කත්සුඉඑ  කියෝතෝ වෙත ගොස් නොබුනාගා විසින් පවත්වන ලද කියෝතෝ උමාසෝරෝ (මිලිටරි පෙළපාළියට) සහභාගී වූ අතර තොෂි මෙදා  ඇතුළු එචිසෙන් ජනතාව රැගෙන ගියේය.

1582 දී ඔහු එචු පළාතේ (උසුසු නගරය, තොයමා පළාතේ) උසුගි ගෝත්‍රයේ උසුසු-ජෝ කාසල්(බලකොටු) සහ මත්සුකුරා -ජෝ කාසල් වටලමින් සිටියදී, හොනෝජි සිද්ධිය සිදු වූ අතර ඔදා නොබුනාගාගේ  මරණය සිදු  විය. කෙසේ වෙතත්, කගෙකත්සු උඑසුජිගේ ප්‍රතිප්‍රහාරය හේතුවෙන් කියුතො  වෙත යාමට නොහැකි වීම නිසා එචු පළාතේ නැගෙනහිර කොටස පාලනය කිරීමට කත්සුඉඑට බාධා ඇති විය.


..මරණය..

   හොනෝජි සිද්ධියෙන් පසු, කත්සුඉඑ, ඔදා වංශයේ ඊලග පාලකයා සඳහා නොබුනාගාගේ  තුන්වන පුත්‍රයා වන ඔදා නොබුතකා ඉදිරිපත්  කළ නමුත් තොයෝතොමි හිදෙයොෂි විසින් ඔදා නොබුනාගාගේ  නීත්‍යානුකූල මුනුබුරා වන සන්බෝශිට(අ.වු 3ක කුඩා දරුවෙකි) ඔඩා වංශයේ පාලන දෙන ලදී. නොබුනාගාගේ  දේපළ උරුමය වෙන් කරන විට  තොයෝතොමි හිදෙයොෂි  කවාචි පළාතේ, තන්බා පළාතේ සහ යමෂිරෝ පළාතේ භූමි ප්‍රදේශ අත්පත් කර ගත් අතර, කත්සුඉඑට  ලැබුණේ කිතොමි සහ නාගහාමා-ජෝ කාසල් (ඔමි පළාත) (වර්තමාන නාගහමා නගරය) යන ප්‍රාන්ත තුනෙන් පමණි. කත්සුඉඑ පසුව ඔයිචි (නොබුනගාගේ සහෝදරිය)ආර්යාව සමඟ විවාහ වූයේ. 

    මෙයින් පසු කත්සුඉඑ තොයෝතොමි හිදෙයොෂිට   විරුද්ධ වූ අතර කසුමාසු තකිගාවා සහ ඔදා නොබුතකා  සමඟ අත්වැල් බැඳගත්තද 1583 දී ෂිසුගාටකේ සටනේදී ඔහු තොයෝතොමි හිදෙයොෂිඅතින්  පරාජයට පත් වූ අතර ඔහු සහ ඔයිචි එචිසන් හි කිටනෝෂෝහිදී සිය දිවි නසා ගත්හ. වයස අවුරුදු 61 දී ඔහු මිය ගියේය.

ඔහුගේ මරණ කාව්‍යය වූයේ: 'මගේ ජීවිතය ගිම්හාන රාත්‍රියක හිස් සිහිනයක් මෙන් විය. පුංචිකුරුල්ලනේ, වලාකුළු වලට ඉහළින් පියාසර කරන්න මගේ නම අනාගත පරම්පරාවට භාර දෙන්න

                                       

Comments

Popular posts from this blog

toyotomi hideyoshi (තොයෝතොමි හිදෙයොෂි)

fuwa mitsuharu (ෆුවා මිත්සුහරු)

The battle of nagashino (නගශිනෝ සටන )