Asakura Yoshikage (අසකුරා යොෂිකගේ)

Asakura Yoshikage

අසකුරා යොෂිකගේ 1533 -1573



  අසකුරා යොෂිකගේ 1533 -1573 යනු වර්තමාන ෆුකුයි ප්‍රාන්තයේ එචිසන් පළාතේ කොටසක් පාලනය කළ සෙන්ගෝකු යුගයේ (1467-1603) ජපන් දයිමියෝකෙනෙකි. යොෂිකාගේ ඔදා නොබුනාගා (1534–1582) සමඟ ඇති වූ ගැටුම්වල ප්‍රතිඵලය වූයේ ඔහුගේ මරණය සහ අසකුරා වංශය සහ එහි බලකොටුව වන ඉචිජෝදනි බලකොටුව විනාශ වීමයි. 


ළමා අවධිය

යොෂිකගේ උපත ලැබුවේ ෆුකුයි ප්‍රාන්තයේ වර්තමාන ෆුකුයි හි කිදානෝ උචි දිස්ත්‍රික්කයේ අසකුරා වංශයේ ය. ඔහුගේ පියා අසකුරා තකාකගේ (1493–1548) වන අතර ඔහුගේ මව තකෙදා මොතෝමිත්සුගේ දියණිය යැයි අනුමාන කෙරේ. 1471 දී අසුකුරා විසින් ෂිබා වංශය එචිසෙන් හි කොටසක් වූ ෂුගෝ හමුදා අණ දෙන නිලධාරීන් ලෙස අවතැන් කර තිබුණි.  1548 දී යොෂිකාගේ සිය පියාගෙන් පසු අසකුරා වංශයේ ප්‍රධානියා සහ ඉචිජෝදානි මාලිගයේ  අධිපතියා විය.ඔහු දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික කළමනාකරණය පිළිබඳ මනා දැනුමක් ඇති අයෙකු බව ඔප්පු විය. එචිසෙන් හි ඉක්කෝ-ඉකි සමඟ අසකුරා සාකච්ඡා මගින් කැපී පෙනේ. යොෂිකේගේ සාකච්ඡා හා ඵලදායී පාලනයේ ප්‍රතිඵලයක් ලෙස,ජපානයේ සෙන්ගෝකු යුගයේ සෙසු කාලයට සාපේක්ෂව දේශීය ස්ථාවරත්වයේ කාල පරිච්ඡේදයක් භුක්ති වින්දා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එචිසන් කන්සයි කලාපයේ ප්‍රචණ්ඩත්වයෙන් පලා යන සරණාගතයින් සඳහා ස්ථානයක් බවට පත්විය. ඉචිජෝදානි කියෝතෝ අගනුවර ආදර්ශයට ගත් සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්විය.


ඔදා නොබුනාගා සමඟ ගැටුම්

  1568 දී කියෝතෝ අල්ලා ගැනීමෙන් පසුව, අෂිකාගා යොෂියාකි විසින් යෝෂිකාගේ රීජන්ට් පත් කළ අතර නොබුනාගා අගනුවරින් පලවා හැරීමට අසකුරාගේ ආධාර ඉල්ලා සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1570 දී ඔදා නොබුනාගා එචිසන් ආක්‍රමණය කළේය. යොෂිකගේගේ හමුදා දක්ෂතා නොමැතිකම නිසා ඔදාගේ හමුදාව කනේගසාකි බලකොටුව වටලා (වර්තමාන සුරුගා නගරයේ), මුළු අසකුරා වසම ආක්‍රමණයට විවෘත කළේය.


ඔදා නොබුනාගා සහ ඔහුගේ මස්සිනා වන අසායි නාගමාසා (1545–1573) අතර  ගැටුමෙන් යොෂිකාගේ ප්‍රතිලාභ ලැබීය. කනේගසාකි හි නොබුනාගාට එරෙහිව අසායි අසකුරා සමඟ ප්‍රහාරයක් දියත් කළ නමුත් නොබුනාගා සිය හමුදා ඉවත් කර ගත් අතර අසකුරා සහ අසායි හමුදාවන්ගේ සන්ධානය නොබුනාගා අල්ලා ගැනීමට අසමත් විය.පසුව 1570 දී,අනෙගාවා සටනේදී, නොබුනාගා සහ ඉයාසු (1543-1616) විසින් මෙහෙයවන ලද ඔදා සහ තෝකුගාවා වංශිකයන්ගේ සංඛ්‍යාත්මකව උසස් ඒකාබද්ධ බලවේග විසින් යොෂිකාගේ සහ නාගමාසා පරාජය කරන ලදී. 


මරණය

යොෂිකාගේ අනෙගාවා සටනින් පසු හිඒසාන් (එන්රියාකු-ජි, හිඑයි ආරාමය) වෙත පලා ගොස් නොබුනාගා සමඟ සංහිඳියාවක් ඇති කර ගත් අතර වසර තුනක් ගැටුම් වළක්වා ගැනීමට සමත් විය.1573 දී ඉචිජෝදානි බලකොටුව වටලෑමේදී යොෂිකගේව ඔහුගේ ඤාති සොහොයුරෙකු වූ අසකුරා කගේකි (1529–1574) විසින් පාවා දෙනු ලැබීය. වර්තමාන ෆුකුයි ප්‍රාන්තයේ පිහිටි  රොකුබේ කෙන්ෂා-ජි නම් දේවාලයේදී (සෙප්පුකු)  ඔහුට සියදිවි නසා ගැනීමට සිදුවිය. ඔහුගේ වයස අවුරුදු 39 කි.  යොෂිකාගේගේ මරණයත් සමඟ අසකුරා වංශය විනාශ විය.

Comments

Popular posts from this blog

toyotomi hideyoshi (තොයෝතොමි හිදෙයොෂි)

fuwa mitsuharu (ෆුවා මිත්සුහරු)

The battle of nagashino (නගශිනෝ සටන )