what is the sengoku period (සෙන්ගොකු යුගය)

   සෙන්ගොකු යුගය 

sengoku period


සෙන්ගොකු යුගය යනු මොනවගේ යුගයක්ද?..


මෙතැන් සිට අවුරුදු 500ට පෙර අතීතයේ,ජපානයේ විවිද ප්‍රදේශ වල දක්ෂතා ඇති සමුරායිවරු භුමිය  අල්ලා ගැනීම සදහා සටන් කල යුගයක් විය.සතුරන් එකින් එකා විනාශ කර භුමිය පාලනය කිරීම.ශක්තිමත් සමුරායිවරු ඔවුන්ගේ බලය කුඩා වුවත් තමන්ගේ භුමි ප්‍රදේශය තමන්ගේ යටතේම පාලනය කිරීම.මෙහෙම පාලනය කරමින් සිටි සමුරායිවරුන්ව 'සෙන්ගොකු දයිමියෝ' ලෙස හදුන්වයි.මෙම සටන් කරන යුගය 'සෙන්ගොකු යුගය' හදුන්වයි.


සමුරායිවරු දේශපාලන බලය අල්ලා ගැනීම..


12වන සියවසයේ හෙයිඅන් යුගය අවසානය දක්කවා ජපානයේ පාලන බලය පවත්වාගෙන ගියේ අදිරජ්‍යයා හා පාරම්පරික සල්ලිකාරයන් විසින්ය.සමුරයිවරුන් විසින් පාලන බලය අල්ලා ගනු ලබන්නේ හෙයිඅන් යුගයේ මැද භාගයේය.සමුරායිවරු බලය අල්ලා ගැනීමට පෙර අදිරජ්‍යයා හා පාරම්පරික සල්ලිකාරයන්ට සේවය කරන ලදී.ඔවුන්ව 'සමුරායි' ලෙස හැදින්වුයේ අදිරජ්‍යයා හා පාරම්පරික සල්ලිකාරයන්ට භාවිත කල හැකි පුද්ගලයන් වීම නිසයි.


සෙන්ගොකු යුගයේ කාලය...


1336 - අශිකගා තකුජි විසින් කියෝතෝ ප්‍රදේශයේ මුරෝමචි බකුෆු ආරම්භකිරීම. 

1467-1477 - ඔඋනින් නො රන් (සෙන්ගොකු යුගයේ ආරම්භය )

1493 - බෝජෝ සොඋන් විසින් ඉසූ ප්‍රදේශය අල්ලාගැනීම.

1542 - තකෙදා ශින්කෙන් ශින්ගෝ ආරම්භය,සයිතෝ දොසන්  විසින් මිනෝ ප්‍රදේශය අල්ලාගැනීම.

1543 - පෘතුගීසින් විසින් තනේගාශිමා ආක්‍රමණය (ප්‍රථම යුරෝපිය ආක්‍රමණය).

1546 - බෝජෝ උජයසු කන්තෝ ප්‍රදේශයේ කොටසක් අල්ලාගැනීම.

1549 - ෆැන්සිස්කෝ සේවියර් විසින් ක්‍රිස්තියානි ඉගැන්වීම.

1552 - බෝජෝ උජයසු කන්තෝ ඉතිරි කොටස ආක්‍රමණය හා එහි පාලකයා වන උඑසුගි නොරිමසා,නගොකා ගෙතොරා වෙත පලායාම.

1555 - මොරිමොතොනරි විසින් සුඑහරුතකාව පරාජය කර චුගොකු කලාපයේ දයිමියෝ බවට පත්වීම.

1560 - ඔදා නොබුනාගා හා ඉමාගවා යෝශිමොතෝ ඔකේසාමා සටන.

1561 - කවනකජිමා සටන (4 වන වරට ) තකෙදා ශින්කෙන් හා උඑසුගි කෙන්ෂින් 

1566 - මොරිමොතෝ නරි විසින් අමගොශි ආක්‍රමණය කර චුගොකු කලාපයේ බලය ලබා ගැනීම.

1567 - ඔදා නොබුනාගා ඉනබායාම බලකොටුව ආක්‍රමණය කර සයිතෝ වන්ශිකයන්ව මරාදමා මිනෝ ප්‍රදේශය අල්ලා ගැනීම.

1568 - ඔදා නොබුනාගා කියෝතෝ වලට ඇතුල් වීම.

1570 - අනෙගවා සටන ඔදා,තොකුගාව vs අසයි,අසකුරා 

1570 - 1580 - ඔදා නොබුනගා ඉෂියමා හොන්ගන්ජි කැරැල්ල මර්දනය.

1571 - ඔදා නොබුනගා හිඑයි සන්එන් රිකුජි පංසල ගිනිතබා විනාශ කිරීම.

1572 - මිකතගහරා සටන තොකුගාවා ඉයාසු vs තකෙදා ශිකෙන්.

1573 -  ඔදා නොබුනාගා අසයි වංශිකයන් හා අසකුරා වංශිකයන් ආක්‍රමණය.

           තකෙදා ශින්කෙන රෝගාතුරව මියයාම.

1575 - නගෂි සටන ඔදා,තොකුගාවා vs තකෙදා කත්සුයෝරි 

1577 - ඔදා නොබුනාගාගේ අනින් හිදෙයොෂි හෂිබා (තොයෝතොමි හිදෙයොෂි)මොරි ආක්‍රමණය පටන් ගැනීම.

1582 - හොන්නොජි නො හෙන් අකෙචි මිත්සුහිදේ  ඔදා නොබුනාගා ඝාතනය.

           යමසකි සටනේදී හිදෙයොෂි  අකෙචි මිත්සුහිදේ පරාජය කිරීම.

1583 - ශිසුගතකේ සටන හිදෙයොෂි ශිබතා කත්සුඉඑ ඝාතනය.

1584 - කොමසා,නගකුතේ සටන් හිදෙයොෂි vs ඉයාසු.

          ශිමත්සු යෝශිහිසා කියුෂු පළාතේ බොහෝ ප්‍රදේශ අල්ලා ගැනීම. 

1585 - චෝසොකබේ මොතොචිකා ජපානයේ බටහිර ප්‍රදේශ අල්ලා ගැනීම.

           හිදෙයොෂි කන්පකු බවට පත්වීම.

1586 - හිදෙයොෂි ඇමති කෙනෙක් බවට පත්වීම.තොයෝතොමි ලෙස වාසගම වෙනස්කිරීම.

1587 - හිදෙයොෂි ශිමත්සු බලකොටුව අල්ලා ගැනීම. කියුෂු පාලනය.

1589 - තතෙමසා, අශිනෂි බලකොටුව අල්ලා ගැනීම. දකුණේ බලය ලබා ගැනීම.

1590 - ඔදවරා සටන හිදෙයොෂි vs බෝජෝ ජිමසා,උජිනාඕ.

          තොයෝතොමි හිදෙයොෂි මුලු ජපනයම තමන් යටතට ගෙන ජපන් අදිරජ්‍යයා වීම.

1592-1593 - හිදෙයොෂි ප්‍රථම කොරියා ආක්‍රමණය.

1597-1598 - දෙවන කොරියා ආක්‍රමණය කිරීම.

1598 - තොයෝතොමි හිදෙයොෂි මරණයට පත්වීම.

1600 - සේකිගහරා සටන තොකුගාවා ඉයාසු vs ඉෂිදා මිත්සුනරි.

1603 - තොකුගාවා ඉයාසු එදො යුගය ආරම්භ කිරීම.

1614-1615 - ඔසාකා සටන තොකුගාවා vs තොයෝතොමි හිදෙයෝරි.

                    හිදෙයෝරි පරාජය.


සෙන්ගොකු දයිමියෝ උපත..

  1)  බලගතු ප්‍රාදේශීය සමුරායි වර්ධනය වීම. 


  2) බලය ඇති පාරම්පරික පොහොසත්අය සෙන්ගොකු දයිමියෝ වීම.


  

3) සතුරෙකු පරාජය කර ප්‍රදේශ අල්ලා ගැනීම. 



සෙන්ගොකු යුගයේ ප්‍රසිද්ධ සටන්.. 


1) කවානාකජිමා සටන (4වන වරට ) 1561-09-10
2) ඔකෙහසමා සටන                       1560-05-19
3) අනෙගවා  සටන                         1570-06-28
4) මිකතගහරා සටන                       1572-12-22
5) නගශිනො සටන                         1575-05-21
6) කොමකි,නගකුතේ                     1584-03-11
7) ඔදවරා ප්‍රහාරය                           1590-02-07
8) සේකිගහරා සටන                       1600-09-15

Comments

Popular posts from this blog

toyotomi hideyoshi (තොයෝතොමි හිදෙයොෂි)

fuwa mitsuharu (ෆුවා මිත්සුහරු)

The battle of nagashino (නගශිනෝ සටන )